27.7 C
Colombo
Friday, August 22, 2025

චීනයේ නිෂ්පාදිත ” Tansuo 3″ නැමති විද්‍යා ගවේෂණ නෞකාවේ මංගල යාත්‍රාකරණය ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත  මුහුදු  බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව අද(26) චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල යාත්‍රාකරණය ආරම්භ කළේ ය. එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිතය. මෙය, සමසත් පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන් හි ගවේෂණය සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්‍ය ගැඹුරු කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, සංයෝගාත්මක විද්‍යා ගවේෂණ නෞකාවයි.

Tansuo 3” නෞකාවේ දිග මීටර් 104 ක් පමණ වන අතර, එහි ජලෝත්පීඩන පරිමාව ටොන් දස දහසක් පමණ වේ. මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලියට චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්ව විද්‍යාල දායක වී තිබේ. නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කෙන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම් යටතේ අධි නිරවද්‍ය ගතික ස්ථානගත කිරීමේ පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු කේන්ද්‍රීය තාක්ෂණ පිළිබඳ දුෂ්කරතා ජය ගෙන ඒවායේ ඒකාධිකාරී අවහිරයන්  බිඳදැමීමට සමත්ව තිබේ. මෙමඟින් චීනයේ මිනිසුන් සහිත ගැඹුරු කිමිදුම්, පූර්ණ මුහුදු ගැඹුරු පරාසයේ පමණක් නොව, සමස්ත ගෝලීය මුහුදු කලාපයේ ද ගවේෂණ සිදු කිරීමට හැකි වීම විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here