27.7 C
Colombo
Friday, August 22, 2025

චීනයේ පස්වන ජාතික ආර්ථික සංගණනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය පස්වන ජාතික ආර්ථික සංගණනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරයි.

2023 වසරේ දෙසැම්බර් 31වැනිදා දක්වා එම වසරේ ආර්ථික දත්ත පදනම්ව එය සකස් කර තිබේ. චීනයේ ද්විතීයික සහ තෘතීයික කර්මාන්ත ක්‍රියාකාරකම්වලට අයත් සියලු ලියාපදිංචි ආයතනකාර්මික ක්‍රියාකාරකම් ඒකක සහ ස්වයං රැකියාවක් හිමි පුද්ගල සංඛ්‍යාව ඊට අයත්වෙයි.

2023 වසර අවසානයේ දී චීනය පුරා ද්විතීයික සහ තෘතීයික කර්මාන්ත ක්‍රියාකාරකම්වල නියැලී සිටින  ලියාපදිංචි ආයතන සංඛ්‍යාව මිලියන 33.27 ක් බවයි. 2018 වසරේ අවසානයට සාපේක්ෂව එය 52.7% ක වර්ධනයකි. ද්විතීයික හා තෘතීයික කර්මාන්තවල මිලියන 428.984 ක ජනතාවක් සේවයේ නිරතව සිටින  අතර එය 11.9% ක වැඩිවීමක් බව අද (26) පස්වරුවේ චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. ස්වයං රැකියාවක් හිමි පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 87.995 ක් වන අතර ඊට සමස්ත සම්බන්ධ සේවකයින් සංඛ්‍යාව මිලියන 179.564 කි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here