එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියේ තායිවාන ප්‍රදේශයේ භාවිතය සම්පාදනය කිරීමේදී එම ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පූර්ණ ලෙස සලකනු ඇති බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා මහතා ප්‍රකාශ කරයි.
ඔහු එසේ ප්‍රකාශ කළේ අද(25) බෙයිජිංහිදී එම කාර්යාලයේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය හොංකොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාපයන්හි සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර එය තායිවාන ප්‍රදේශයට මනා ආදර්ශයක් යැයි විශ්වාස කරන බව එම මාධ්‍යවේදියා සඳහන් කළේය. මෙම මතය පිළිබඳ අදහස් දක්වමින් චෙන් බින්හුවා මහතා ඒ බව ප්‍රකාශය සිදු කළේය.
එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියේ තායිවාන ප්‍රදේශයේ භාවිතය සම්පාදනය කිරීමේදී තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ විවිධ පර්ෂදවල පුද්ගලයින් ගේ අදහස් හා යෝජනාවලට පූර්ණව සවන් දෙනු ඇති අතර තායිවාන ස්වදේශිකයින්ගේ ප්‍රතිලාභ හා හැඟීම් පූර්ණ ලෙස සැලකිල්ලට ලක් කෙරෙනු ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වුවද එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය පිළිබඳව තායිවාන ස්වදේශිකයින් යළි මනා ලෙස අවබෝධය කර ගනු ඇතැයි විශ්වාස කරන බව ඔහු කීය. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ස්වදේශිකයින් සාමකාමී එක්සත්භාවය සාක්ෂාත් කිරීමෙහි පොදුවේ නියැළී සිටීමේදී ‘එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය පිළිබඳ තායිවාන ප්‍රදේශයේ ක්‍රියාමාර්ගයේ’ අවකාශය හා අන්තර්ගතය පූර්ණ ලෙස විදහා පාන බව විශ්වාස කරන්නේ යැයි ද චෙන් බින්හුවා මහතා අවධාරණය කර ඇත.