28.2 C
Colombo
Friday, August 22, 2025

බයිඩන් ජනාධිපතිවරයා බිලියන 900කට ආසන්න ජාතික ආරක්ෂක පිරිවැය පනතට අත්සන් තබයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට අත්සන් තබා ඇත. ඊයේ(23) අත්සන් තැබුණු එම පනතට අනුව, ලබන මූල්‍ය වර්ෂ‍යේ  ඇමරිකාවේ හමුදාමය පිරිවැය ඇ.ඩො. බිලියන 895ක් දක්වා ඉහල නැංවේ. ඉකුත් මූල්‍ය වර්ෂයට වඩා එය සියයට 1ක වර්ධනයකි.

2025 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත මගින් හමුදා නිලධාරීන්ගේ වැටුප වැඩි කිරීම, ආසියා-ශාන්තිකර කලාපයේ හමුදාමය වියදම් වැඩි කිරීම සහ ඊශ්‍රායල හමුදාව සමග ඒකාබද්ධ හමුදා අභ්‍යාස පුළුල් කිරීමට ඇමරිකානු හමුදාවට අවසර දීම සිදු කෙරේ.

මෙම පනත පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් මහතා පැවසුවේ, නිවාස නොමැති පුද්ගලයින්, අඩු පෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ශීත සෘතුවේ උණුසුම් බිල්පත් ගෙවීමට නොහැකි වයෝවෘද්ධ පුද්ගලයින් සංඛ්‍යාව 500,000 ක් පමණ සිටින විට, ඇමරිකාවට ට්‍රිලියනයකට ආසන්න ආරක්ෂක වියදමක් අවශ්‍ය නොවන බවයි. ඇමරිකාවේ ආරක්ෂක පද්ධතිය රටේ අවශ්‍යතා සපුරාලීමට වඩා, විශාල ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට ලාභ උපයන මෙවලමක් බවට පත්ව ඇතැයි විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here