ඉකුත් නොවැම්බර් මාසයේ චීනයේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය වාර්තාගත ලෙස ඉහළ යයි. එම මාසයේ චීන ජාතික දුම්රිය ජාලය මගින් සිදු කෙරුණු භාණ්ඩ ප්‍රවාහනය ටොන් කෝටි 35ක් බවත්, එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂ ව 5.5%ක වර්ධනයක් වන බැවින්, එය වාර්තාගත ඉහළ යාමක් බවත්, චීන ජාතික දුම්රිය සමූහ සමාගම පවසයි.
ගෙවුණු මාස 11 තුළ දුම්රිය ජාලය හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ධාරිතාව අඛණ්ඩව වැඩි වී තිබේ. ප්‍රධාන දුම්රිය මාර්ග ඔස්සේ රටේ වැදගත් භාණ්ඩ හා විශාල ව්‍යවසායන්හි භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා පූර්ණ වශයෙන් සපුරාගෙන ඇතැයි චීන ජාතික දුම්රිය සමූහ සමාගම කියා සිටී. රටේ මහාමාර්ග හා නෞකා ප්‍රවාහන මාර්ග සමග සම්බන්ධ කරමින් භාණ්ඩ ප්‍රවාහන සේවා පරාසය වඩ වඩාත් පුළුල් කර තිබේ. එමෙන්ම චීනය ජාත්‍යන්තර දුම්රිය ප්‍රවාහන සහයෝගිතාවන්හි ද ප්‍රගතියක් අත්කරගෙන ඇත. ගෙවුණු මාස 11 තුළ චීන-යුරෝපා දුම්රිය මාර්ගය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය 10%කින් ද, චීන-ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය 17.7%කින් ද වැඩි වී ඇතැයි චීන ජාතික දුම්රිය සමූහ සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.