පැමිණිලි ලැබීමෙන් පසු වහාම විසඳීම පිළිබඳ බෙයිජිං නගරයේ පරිපාලන ප්‍රතිසංස්කරණය පිළිබිඹු වන “ඔබේ හඬ” නැමැති වාර්තා චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ(17) පැවැත්විණ.
එය, පැමිණිලි ලැබීමෙන් පසු වහාම විසඳීම පිළිබඳ 2024 බෙයිජිං ප්‍රතිසංස්කරණ සංසදය හා සම්බන්ධ උත්සවවලින් එකකි. බෙයිජිං රජය, චීන සමාජ විද්‍යා ඇකඩමිය හා චීන මාධ්‍ය සමූහයේ නිලධාරීහු මෙන්ම ජාත්‍යන්තර නගරවල ප්‍රධානීන්, දෙස් විදෙස් විශේෂඥයන්, පැමිණිලි ලැබීමෙන් පසු වහාම විසඳීම පිළිබඳ පෙරමුණේ සේවකයන්, චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම හා බෙයිජිං වැසියන්ගේ නියෝජිතයින් ඇතුළු 400ක් පමණ පිරිසක් ඊට සහභාගි වූහ.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී පැවසුවේ චීන මාධ්‍ය සමූහය විසින් නිර්මාණය කරන ලද “ඔබේ හඬ” නැමැති චිත්‍රපටය ලෝකයේ සුපිරි නගර පරිපාලනයේ පොදු ප්‍රශ්න වෙත අවධානය යොමු කරන බවයි. එම චිත්‍රපටයෙන් ජනතා කේන්ද්‍රීය සංකල්පය පිළිබිඹු වන අතර පැමිණිලි ලැබීමෙන් පසු වහාම විසඳීම පිළිබඳ බෙයිජිං නගරයේ පරිපාලන ප්‍රතිසංස්කරණය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කෙරෙන බව Shen Haixiong මහතා කියා සිටියේය.