Guangdong–Hong Kong–Macao මහා බොක්ක කලාපය ගොඩ නැංවීම යනු චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උපදෙස් හා මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක ජාතික මට්ටමේ ප්‍රධාන උපාය මාර්ගයකි. අනාගත අන්තර්ජාතික සහයෝගිතා හා තරගකාරීත්වයට මුහුණදීම වෙනුවෙන් සිදු කෙරෙන උපායමාර්ගික වැඩපිළිවෙලක් ලෙසට එම කලාපය ගොඩ නැංවීම, ප්‍රතිසංස්කරණ හා චීන මාදිලියේ නවීකරණය තවදුරටත් තහවුරු කිරීම සඳහා වන ප්‍රධාන මෙහෙයුමකි. එසේ ම,‘එක් රටක් ක්‍රම දෙකක්’ යන චීනයේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ විශේෂත්වය ද ඉන් පිළිඹිබු වෙයි.
‘Guangdong–Hong Kong–Macao සහහෝගිතා තහවුරු කරමින් මහා බොක්ක කලාපයේ සංවර්ධනය සහතික කිරීමේ රාමු ගිවිසුම’ට අත්සත් තැබීමේ අවස්ථාවට ෂී ජින්පිං මහතා එක් විය. Hong Kong–Zhuhai–Macao පාලම ජනතාවට විවෘත කිරීම ද හෙතෙම ප්‍රකාශයට පත් කළේය. ඔහු සිය ළෙන්ගතු බවින් හා දූරදර්ශී බවින් එම කලාපයේ දීර්ඝ කාලීන සංවර්ධනයක් සිතුවම් කර තිබීම කැපී පෙනේ.