26.1 C
Colombo
Thursday, August 21, 2025

චීන ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමේ ප්‍රමුඛ සාධක

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන දේශීය ආර්ථිකය නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක තත්වය ඊයේ(16) නිල වශයෙන් ප්‍රකාශ  කෙ‍රිණ. නොවැම්බර් මාසයේ චීන ආර්ථික ක්‍රියාකාරිත්වය, සැප්තැම්බර් මාසයේ සිට ඉහළ යාමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගෙන ගොස් තිබෙන අතර, ගුණාත්මකභාවයේ ප්‍රශස්තකරණය ද අඛණ්ඩව සිදුව තිබේ. බොහෝ විදේශීය මාධ්‍ය ඒ පිළිබඳ සක්‍රීය අවධානය යොමු කර තිබේ.

පරිභෝජනය ස්ථාවර ලෙස වර්ධනය වීම  ධනාත්මක සංඥාවකි. පළමු මාස 11 තුළ, චීනයේ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර අලෙවිය චීන යුවාන් ට්‍රිලියන 44.3ක් පමණ වන අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 3.5% වැඩි වීමකි. චීනයේ නව පරිභෝජන ආකෘති මනාව සංවර්ධනය වෙමින් පවතින අතර, අනාගතයේදී විශාල සැඟවුණු හැකියාවක් ඇති බව ඉන් පෙන්නුම් කෙරේ.

ජාත්‍යන්තර දෘෂ්ටිකෝණයෙන් බලන විට, නොවැම්බර් මාසයේ චීනය ආර්ථික වර්ධනයේ ජයග්‍රහණ ලබා ගැනීම පහසු කාර්යයක් නොවේ. මේ වසරේ සිට සංකීර්ණ හා දැඩි ජාත්‍යන්තර පරිසරයක් හමුවේ ගෝලීය ආර්ථික ප්‍රකෘතිය මන්දගාමී වී ඇත. චීනයේ ආර්ථික ගැලපුම් සහ පරිවර්තනයේ දුෂ්කරතා ද වැඩි වී තිබේ. මෙම පසුබිම යටතේ, චීන ආර්ථිකය පීඩනයට එරෙහිව නැගී සිට ස්ථාවර ප්‍රගතියක් ලබා ඇත. චීනයේ ස්ථාවර ආර්ථික පදනම, විශාල විභවය සහ දිගු කාලීන යහපත් ප්‍රවණතාවක පැවතීම යන සක්‍රීය කොන්දේසි ඊට බලපා ඇත.

එසේම චීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් අතර ස්ථාවර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද ආර්ථික විදේශීය හුවමාරුව සඳහා කදිම පදනමක් සපයාදී තිබේ. චීනය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ උසස් තත්ත්වයේ සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කොට බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණය ගැඹුරු කිරීමෙන්, ආර්ථික හා වෙළඳ මිතුරු කවය තවදුරටත් පුළුල් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here