26.1 C
Colombo
Thursday, August 21, 2025

චීනය “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” 5G ජාල ව්‍යාප්ත කිරීමේ ඉලක්ක සම්පූර්ණ කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන 5සංවර්ධන සමුළුව ඊයේ(12) ශැංහයිහිදී පැවැත්විණ. චීනයේ “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” 5ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය Zhang Yunming මහතා එම සමුළුවේදී පැවසීය. රජයේ මධ්‍යස්ථානසංස්කෘතික සහ සංචාරක දර්ශනීය ස්ථාන සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වැනි ගමනාගමන ස්ථාන 5G ජාලයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල අඛණ්ඩ ව්‍යාප්තිය පුළුල් කර ඇති බව Zhang Yunming මහතා සඳහන් කර ඇත.

5G තාක්ෂණය‍ 5G-A තාක්ෂණ මට්ටම දක්වා උසස් කිරීම ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කළ යුතු බවත් මූලික තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කළ යුතු බවත් ඔහු එම රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

5G-A තාක්ෂණය, 5.5G තාක්ෂණය ලෙසද හැඳින්වෙන අතර එය 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමේ තාක්ෂණයකි. මේ වන විට චීනයේ ප්‍රධාන විදුලි සන්නිවේදන ක්‍රියාකරුවන් 5G-A ජාල රට පුරා ව්‍යාප්ත කිරීම අරඹා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here