26.1 C
Colombo
Thursday, August 21, 2025

චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුව බෙයිජිං අගනුවර දී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුව (11) සහ (12) යන දිනවල බෙයිජිංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්ජනාධිපති ෂී ජින්පිං මහතා ඊට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමාජික Li Qiang, ZhaoLeji, Wang Huning, Cai Qi, Ding Xuexiang හා Li Xi යන මහත්වරු ද ඊට සහභාගි වූහ.

ෂී ජින්පිං මහතා විසින් එහිදී 2024 වසරේ ආර්ථික කාර්ය සාරාංශ කර වත්මන් ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරමින් 2025 වසරේ ආර්ථික කාර්ය සකස් කර තිබේ. මෙම වසරේෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ පක්ෂය හා සමස්ත චීන ජනතාව උත්සාහ දැරීමෙන් යහපත් ලෙස ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් අධි ගුණාත්මක භාවයෙන් යුතු වර්ධනය ස්ථීර ලෙස ඉදිරියට ගෙන යමින් ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කරනු ඇතැයි එම සමුළුවේදී ප්‍රකාශ කෙරිණ.

ලබන වසරේ ස්ථීර ලෙස ආර්ථික වර්ධනය ඉටු කර ගැනීම,රැකියා නියුක්තිය හා භාණ්ඩ මිල ප්‍රධාන වශයෙන් ස්ථීර තත්ත්වයක පවත්වා ගැනීම ,ජාත්‍යන්තර ගෙවුම් සමතුලිතතාවවැසියන්ගේ ආදායම් වර්ධනය හා ආර්ථික වර්ධනය අතර ගැළපීම සිදු කළ යුතු බව එම සමු‍ළුවේදී ප්‍රකාශ කෙරිණ. ලබන වසරේ නිවැරදි මාර්ගයේ නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කරමින් විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධීකරණ හා සහයෝගිතා පැවැත්විය යුතු ය. වඩාත් ක්‍රියාකාරී මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමමූල්‍ය හිඟ අනුපාතය වැඩි කිරීම සහ රාජ්‍ය මූල්‍ය වියදම් ව්‍යුහය ප්‍රශස්ත කිරීම සිදු කළ යුතුය.

පරිභෝජනය හා ආයෝජන ප්‍රතිලාභ දැඩි ලෙස ඉහළ නැංවීමනවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීමවැදගත් ප්‍රතිසංස්කරණ පියවර ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීම සහ ඉහළ මට්ටමේ විවෘත භාවය පුළුල් කිරීම සිදු කළ යුතු බව ද එම සමුළුවේදී අවධාරණය කෙරිණ. ප්‍රධාන ක්ෂේත්‍රවල අවදානම් වැළැක්වීම සහ විසඳීමනාගරීකරණය සහ ග්‍රාමීය ප්‍රදේශ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමකලාපීය උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමආර්ථික හා සමාජ සංවර්ධනය විස්තීරණව හරිත පරිවර්තනයක් වෙනුවෙන් කඩිනම් කිරීමජන ජීවිත සහතික කිරීම සහ වැඩිදියුණු කිරීම ශක්තිමත් කිරීම සිදු කළ යුතු බව එහිදී පෙන්නුම් කෙරිණ.

ආර්ථික කාර්ය වෙත පක්ෂයේ නායකත්වය ශක්තිමත් කරමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ හා විධිවිධාන ක්‍රියාත්මක කිරීම සහතික කළ යුතු අතර අධික ගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනයේ සැබෑ ප්‍රතිඵල ඔස්සේ ශක්තිමත් රටක් ගොඩනැගීම හා චීන ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කළ යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here