26.1 C
Colombo
Thursday, August 21, 2025

යේමනයේ ගැටළු විසඳීමට දේශපාලන විසඳුමක අවශ්‍යතාව චීනය යළි අවධාරණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යේමනයේ දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ලෙස චීන නියෝජිතයා ඉල්ලා සිටී.

යේමනයේ තත්ත්වය පිළිබඳ ඊයේ(11) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී, එහි චීන නිත්‍ය උප නි‍යෝජිත Geng Shuang මහතා මේ බව පැවසීය.

යේමනයේ ගැටළු විසඳීම සඳහා අදාළ දේශපාලන ක්‍රියාවලිය පොදුවේ ප්‍රවර්ධනය කරන ලෙස හෙතෙම එහිදී යේමනයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ පා සිටින විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

රතු මුහුදු කලාපය ආශ්‍රිතව යාත්‍රා කෙරෙන විවිධ රටවල වෙළඳ නෞකා වෙත හිරිහැර කිරීම නතර කොට, රතු මුහුද හරහා වැටී ඇති  මුහුදු මාර්ගයන්හි ආරක්ෂාව පවත්වා ගන්නා ලෙස චීනය නැවත වරක් හූති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටී. තත්ත්වය උග්‍ර කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙසත්සංයමයෙන් කටයුතු කරන ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් යළිත් වරක් ඉල්ලා සිටින බව ද Geng Shuang මහතා එහිදී කියා සිටියේය.

යේමනයේ ස්වෛරීභාවයආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවත්, යේමන ගැටළුව සඳහා අවසානයේ දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බවත් හෙතෙම යළි අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here