26.3 C
Colombo
Thursday, August 21, 2025

චීනයේ උසස් තාක්ෂණික සමාගම්‍ දෙකක් තහනම් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවට චීනයේ දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මානව හිමිකම්වලට හානි කරන්නේ යැයි පදනම් විරහිත චෝදනා සිදු කරමින් ඇමරිකාව චීනයේ උසස් තාක්ෂණික සමාගම්‍ දෙකක් සිය තහනම් ආයතන ලැයිස්තුවට එක් කර ඇත. මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර සිටී.

එම ඊනියා සම්බාධකය මානව හිමිකම් මුවාවෙන් චීන තාක්ෂණික සමාගම්වලට බාධා කිරීමේ උත්සාහයක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. ඇමරිකාව මානව හිමිකම් ආරක්ෂා කරන බවට වන ප්‍රකාශය අසත්‍යයක් බවත්, එරට චීන ජනතාවගේ සංවර්ධන අයිතීන්ට හානි කිරීම සත්‍යයක් බවත් ඉන් මනාව පෙන්නුම් කෙරේ. ඇමරිකාවේ එම උත්සාහය කිසිදු ලෙසකින් සාර්ථක නොවනු ඇතැයි ද ඇය අවධාරණය ක‍ළාය.

ඇමරිකාව සැබෑ ලෙසම මානව හිමිකම් වැදගත් කොට සලකන්නේ නම්, පළමුව  කළ යුත්තේ සිය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් නිවැරදි කර ගැනීමය. එමෙන්ම මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණය සහ යුද ගැටුම් ඇති කිරීම, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම, එහි අයිතීන්ට හානි කිරීම යනාදී ක්‍රියාවන් වහාම නතර කළ යුතු බව ද Mao Ning මහත්මිය ‍ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here