26.3 C
Colombo
Thursday, August 21, 2025

ගෝලීය ප්‍රජාව වෙත චීනයේ විවෘතභාවයට අදාළ ප්‍රතිපත්තීන් ජාත්‍යන්තර මූල්‍ය හා වාණිජ ක්ෂේත්‍රවල ඉහළ අගැයීමට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෝලීය ප්‍රජාව වෙත චීනයේ අඛණ්ඩ විවෘතභාවය සහ ඊට අදාළ ප්‍රතිපත්තීන් ජාත්‍යන්තර මූල්‍ය හා වාණිජ ක්ෂේත්‍රවල ඉහළ අගැයීමට ලක්‍ වෙයි.

චීනය තුළ පරිභෝජන, ආයෝජන ප්‍රතිලාභ නංවාලීම සහ අභ්‍යන්තර ඉල්ලුම් පූර්ණ අයුරින් පුළුල් කිරීම හේතුවෙන් චීනයේ සිදු කරන ආයෝජන තවදුරටත් තහවුරු කිරීම විදේශ ආයෝජකයන්ගේ පොදු අදහස වී ඇත.

Morgan Stanley China සමාගමේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Xing Ziqiang මහතා පවසන්නේ විදේශ අරමුදල් කෙරෙහි චීන රජය දක්වා ඇති මිත්‍රශීලී ආකල්පය අඛණ්ඩ ව සහතික කර ඇති බවයි. විදේශ ආයෝජකයන් සිය ප්‍රාග්ධනය චීනය තුළ ආයෝජනය කිරීමට දක්වා ඇති ‍අවධානය ද වඩාත් ප්‍රශස්ත අයුරින් පවත්වා ගෙන යන බව ද ඔහු පවසයි.

ඇමරිකාවේ MCM සමූහයේ ආරම්භකප්‍රධාන විධායක නිලධාරි Manuel C. Menendez III මහතා සඳහන් කරන්නේ, සංවර්ධන ප්‍රමාණයට අනුව ප්‍රධාන නගර නොවන දෙවනතෙවන සහ සිව්වන මට්ටමේ නගරවල සංවර්ධන හා පරිභෝජනයන්ට විශාල විභවයන් ඇති බවයි. ඇමරිකාවේ බොහෝ ව්‍යවසායන් අඛණ්ඩ ව වර්ධනය වෙමින් පවතින චීන වෙළඳපොළට ඇතුල් වෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here