26.3 C
Colombo
Thursday, August 21, 2025

ආර්ථික සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සංවාදය චීනයේ Hangzhou නගරයේ දී පැවැත්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාලය ඊයේ(9)  ඒකාබද්ධව සංවිධාන කළ මෙම සංවාදය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ලිඛිත දේශනයක් පැවැත්වීය.

සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින් එක් එක් රටවලට උචිත පරිදි තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන කටයුතු සඳහා ගරු කළ යුතු බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම සමගිය හා සහයෝගිතාව තහවුරු කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වඩා වැඩි අනුබල දීම ප්‍රවර්ධනය කිරීමට සංවර්ධිත රටවල් ක්‍රියා කළ යුතු බවද හෙතෙම පැවසීය. ගෝලීය මානව හිමිකම් ව්‍යායාමයේ විධිමත් මෙන්ම තිරසර සංවර්ධනය පොළඹවීම සඳහා එක් එක් රටවල් හා එක්සත් ජාතීන්ගේ ආයතන සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවද වං යී මහතාගේ දේශනයේ දැක්වේ.

කොංගෝව, අයිවරි කෝස්ට් රාජ්‍යය, මොරිටේනියාව සහ යේමනය ඇතුළු රටවල් හා කලාපීය සංවිධාන 50 කට ආසන්න අමාත්‍යවරුන්, නියෝජිතවරුන්, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාලයේ නියෝජිතවරුන් ඇතුළු පිරිසක් මෙම සංවාදයට සහභාගී වූහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here