26.3 C
Colombo
Thursday, August 21, 2025

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ 18 වන සාමූහික අධ්‍යයනය පැවැත්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය චීන ඉතිහාසයේ දේශසීමා පාලනය පිළිබඳ 18 වන සාමූහික අධ්‍යයනය අද(9) සවස පැවැත්විය. චීන ඉතිහාස පර්යේෂණ ඇකඩමියේ උප සභාපති Li Guoqiang මහතා මේ සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිළි කර සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළේ ය. අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සියලු සාමාජිකයෝ ඒ පිළිබඳ සාකච්ඡා කළහ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් කරමින් පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේ සිට, රටේ දේශසීමා පාලනය ඓතිහාසික ජයග්‍රහණ අත්කරගෙන ඇති බවයි. එමෙන්ම දේශසීමා පාලන ක්‍රියාවලිය තුළ සමස්තයක් ලෙස සෑම අංශයකම පක්ෂයේ පුළුල් නායකත්වය ක්‍රියාත්මක කළ යුතු බවත් චීන ජනපතිවරයා පැවසීය. තවද, දේශසීමා ප්‍රදේශයන්හි සංවර්ධනය සමස්ත චීන මාදිලියේ නවීකරණ උපාය මාර්ගයන්ට ඒකාබද්ධ කළ යුතු බවත්, ජාතික ආරක්ෂාව හා සමාජ ස්ථාවරත්වය දේශසීමා පාලනයේ අවශ්‍යතා ලෙස සැලකිය යුතු බවත්, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. එසේම දේශසීමා පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යායාත්මක සහයෝගය ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් ෂී ජින් පිං මහතා අවධාරණය කළේ, දේශසීමා ඉතිහාසය සහ දේශසීමා පාලනය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ ශක්තිමත් කිරීමෙන්, දේශපාලන ස්ථාවර බවින් ද, න්‍යායාත්මක සහ විශිෂ්ට පුළුල් ගුණාත්මකභාවයකින් ද යුත් දේශසීමා පාලන පර්යේෂණ කණ්ඩායමක් ගොඩනැඟිය යුතු බව ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here