26.3 C
Colombo
Thursday, August 21, 2025

චීන පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මස වර්ධනයක් පෙන්නුම් කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පසුගිය නොවැම්බර් මාසයේ දී චීන පාරිභෝගික මිල දර්ශක(CPI) අගයෙහි වර්ධනයක් පෙන්නුම් කරයි.

චීන‍ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව, එම දර්ශකය, 2023 වසරේ අදාළ කාලය තුළ පෙන්නුම් කළ අගයට සාපේක්ෂව 0.2%කින් වර්ධනය වී ඇත. ඒ අනුව ගෙවුණු මස ආහාර මිලෙහි 1.0%ක වැඩි වීමක් පෙන්නුම් කර ඇති අතර, පාරි‍භෝගික භාණ්ඩ මිල පැවති මට්ටමට හා සමාන බව දක්නට ලැබේ. සේවා මිලෙහි ද 0.4%ක වර්ධනයක් එහි දැක්වෙයි.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා, චීනයේ පාරිභෝගික මිල දර්ශකය 2023 වසරේ එම කාලය තුළ පැවති අගය හා සැසඳීමේ දී 0.3%ක වර්ධනයක් ද පෙන්නුම් කරයි.

මේ අතර, නොවැම්බර් මාසයේ එම දර්ශකය ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවති අගයට සාපේක්ෂව 0.6%කින් අඩු වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here