26.4 C
Colombo
Thursday, August 21, 2025

දකුණු චීනයේ සිට උතුරු චීනය දක්වා ජලය හැරවීමේ නැගෙනහිර මාර්ගයේ පළමු අදියර ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

දකුණු චීනයේ සිට උතුරු චීනය දක්වා ජලය හැරවීමේ නැගෙනහිර මාර්ගයේ පළමු අදියර ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරේ. වාර්ෂිකව ක්‍රියාත්මක මෙම පළමු අදියර ව්‍යාපෘතිය මගින් 2013 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ ‍දක්වා ජලය හැරවීමේ මෙහෙයුම් 11ක් සිදු කර ඇත. 2024-2025 වාර්ෂික සැලැස්මට අනුව  ශන් තුං පළාතට ජලය ඝන මීටර් බිලියන 1.125ක් ද චියං සු පළාතට ජලය ඝන මීටර් මිලියන 527ක් ද අන් හුවෙයි පළාතට ජලය ඝන මීටර් මිලියන 46ක් ද ව්‍යාපෘතිය මගින් සපයනු ලැබේ.

චියං සු පළාතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝගයට අනුව එම පළාත ඊයේ (25) මෙම 2024-2025 වාර්ෂික ජලය හැරවීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ ය. මෙම කටයුතු ලබන වසරේ මැයි මාසය දක්වා ක්‍රියාත්මක කෙරේ. සමස්ත ව්‍යාපෘතියේ ආරක්ෂාව, ජල සැපයුමේ ආරක්ෂාව සහ ජල ගුණාත්මකභාවයේ ආරක්ෂාව සහතික කරමින් රටේ ගංගා ද්‍රෝණිවල ජල හුවමාරු පිළිබඳ ජාතික උපායමාර්ගය සාක්ෂාත් කරගැනීම සඳහා චියං සු පළාත විස්තීර්ණ සැලැස්මක් සකස් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here