26.4 C
Colombo
Thursday, August 21, 2025

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ (COP29) පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 29 වැනි සැසිවාරයේ දී එළඹුණු විවිධ එකඟතාවන් පිළිබඳව චීනය අදහස් පළ කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (COP29) පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 29 වැනි සැසිවාරයේ දී දේශගුණික මූල්‍යකරණය පිළිබඳ නව සාමූහික ප්‍රමාණාත්මක ඉලක්කය වෙනුවෙන් එකඟත්වයකට පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් අද (25)චීන විදේශ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළාය.

විවිධ රටවල් එකිනෙකාට වෙනස් මත දැරුවද පොදු වගකීමක් පිළිබඳ මූලධර්ම මෙන්ම දේශගුණික විපාර්යාස සඳහා මුහුණ දීමට ගෝලීය වශයෙන් ලබා දුන් පොදු උත්සාහය අදාළ සැසි වාරයේ දී ලැබූ එකඟතාවෙන් පිළිබිඹු වූ බව ඇය පැවසුවාය.

ගෝලීය දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට අදාළ ක්‍රියාවන් සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍යමය සහාය ලබාදීමේ වගකීම්, සැබෑ ලෙස ක්‍රියාත්මක කරන ලෙස චීනය මෙහිදී සංවර්ධිත රටවලින් ඉල්ලා සිටියේය. දකුණු-දකුණු සහයෝගිතා, චීනය අඛණ්ඩව තහවුරු කරමින්, ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා දේශගුණික විපාර්යාසයන්ට මුහුණ දීමට උපරිම අනුබල දෙනු ඇති බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here