27.6 C
Colombo
Thursday, August 21, 2025

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව පාසල් ක්‍රීඩා තරග ඇරඹීමට පියවර

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරිය හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයී මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලද්දේ වෛරසයේ අවධානම වැඩි බස්නාහිර පළාත හැර පිට පළාත් වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බවත්, බස්නාහිර පළාත ඇතුලුව හුදකලා කර ඇති ප්‍රදේශ වල ළමුන් කිසිදු ආකාරයකින් ක්‍රීඩා තරඟ සදහා සම්බන්ධ නොකර ගත යුතු බවයි.

කිසියම් හෝ අයුරකින් එවැනි අවධානම් ප්‍රදේශවල දරුවන් ක්‍රීඩා තරඟ වලට එක් වුවහොත් වෛරසය ව්‍යාප්තියක් සිදු විය හැකි බව ද පෙන්වා දෙන ලදි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මළල ක්‍රිඩා පැවැත්වීමේ ඇති හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා වූ අතර, කණ්ඩායම් ක්‍රීඩා, පාසල් බිග් මැච් තරගාවලි පැවැත්වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලද්දේ වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා තරග පැවැත්වීම කාලෝචිත බවයි.

රෝගී ලක්ෂණ පෙන්නුම් කරන මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් කිසිසේත් ක්‍රිඩා තරගවලට යොමු නොකළ යුතු බවත්, දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශ ද අවශ්‍යවන පරිදි යාවත්කාලීන කරමින් ක්‍රමාණුකූලව පාසල් ක්‍රීඩා තරඟ ආරම්භය කෙරෙහි අවධානය යොමු වීමේ ඇති වැදගත්කම ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකොන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here