ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය අද (11) ප්‍රකාශ කළේ ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් එළඹෙන 13වැනි දා සිට 15වැනි දා දක්වා ඇමරිකානු ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

