2026 ලෝක ඩිජිටල් අධ්‍යාපන සමුළුව ලබන 11වැනිදා සිට 13වැනිදා දක්වා චීනයේ Hangzhou හිදී පැවැත්වීමට නියමිතය. චීන අධ්‍යාපන අමාත්‍යාංශය අද(7) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
මෙවර සමුළුවේ තේමාව “කෘත්‍රිම බුද්ධිය + අධ්‍යාපනය: ප්‍රතිසංස්කරණය, සංවර්ධනය සහ පාලනය” යන්නයි. කෘත්‍රිම බුද්ධියෙන් අධ්‍යාපනයේ පද්ධතිමය ප්‍රතිසංස්කරණ මෙහෙයවිය හැක්කේ කෙසේද සහ අධ්‍යාපනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව චීන හා විදේශීය අදාළ විශේෂඥයන් මෙම සමුළුවේදී සාකච්ඡා කරනු ඇතැයි එම හමුවේදී සඳහන් විය.
2026 ලෝක ඩිජිටල් අධ්‍යාපන සමුළුව කොටස් තුනක් යටතේ පැවැත්වේ.මෙවර සමුළුවේදී අති නවීන ක්ෂේත්‍රයේ නායකත්වය, ප්‍රායෝගික ක්‍රියාවලින් බලගැන්වීම සහ ගෝලීය සම්මුතිය යන අංශ තුනක් පිළිබඳ ප්‍රතිඵල අටක් නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.

