ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය අඛණ්ඩව පැවතීම හේතුවෙන්, ඊයේ(5) උදෑසන ජාත්‍යන්තර බොරතෙල් අනාගත මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගියේය.
ඊයේ(5) වෙළඳාම අවසන් වන විට, නිව් යෝර්ක් වෙළඳ හුවමාරුවේ ජුනි මස බෙදා හැරීම සඳහා බොරතෙල් අනාගත මිල බැරලයකට ඩොලර් 4.15 කින් පහත වැටී. එය ඇ.ඩො. 102.27 ක් වූ අතර 3.90% ක අඩුවීමකි. එසේම ජූලි මාසයේ බෙදා හැරීම සඳහා ලන්ඩන් Brent බොරතෙල් අනාගත මිල බැරලයකට ඩොලර් 4.57 කින් පහත වැටී. එය ඇ.ඩො. 109.87 ක් වූ අතර 3.99% ක අඩුවීමකි.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊයේ(5) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රාකරණය වෙනුවෙන් ක්‍රියාත්ම කළ “නිදහස් ව්‍යාපෘති” මෙහෙයුම කෙටි කාලීනව අත්හිටුවන බවයි. එදිනම ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ද ඒ බව ප්‍රකාශ කළේය. ඇමරිකානු හමුදාවන්හී ක්‍රියාමාර්ග ස්වභාවයෙන්ම ආරක්ෂිත බවත්, යුද්ධයක් සෙවීමට අදහස් නොකරන බවත් ඔහු පැවසීය.

