චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානය ඊයේ(28) දකුණු චීන මුහුදු කලාපයේ නිත්‍ය නාවික මුර සංචාරයක් සිදු කළ බව එම විධානයේ ප්‍රකාශක Zhai Shichen මහතා පවසයි.
පිලිපීනය කලාපීය නොවන රටවල් සමග සිදු කළ ඊනියා ‘ඒකාබද්ධ මුර සංචාරය’ දකුණු චීන මුහුදේ අර්බුද නිර්මාණය කිරීමක් වන අතර එය කලාපීය සාමය හා ස්ථාවරත්වය ද විනාශ කිරීමක් බව Zhai Shichen මහතා පෙන්වා දුන්නේය.
චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් මෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ සාමය ආරක්ෂා කිරීමට දකුණු විධානය දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් සිටින බව ද ඔහු අවධාරණය කර ඇත.

