14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 22 වන සැසියේ පළමුවැනි පූර්ණ රැස්වීම පැවැත්වෙයි. එම කමිටුවේ සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(27) සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී රැස්වීම පැවැත්විණ.
බන්ධනාගාර නීතිය, සමාජ සහන නීතිය, වෛද්‍ය ආරක්ෂණ නීතිය, ගොවි ඉඩම් සංරක්ෂණ හා එහි ගුණාත්මකභාවය නංවාලීමේ නීතිය ඇතුළු නීති කෙටුම්පත් රැසක් එහිදී අධීක්ෂණය කරමින් සාකච්ඡා කෙරිණ. එමෙන්ම, රාජ්‍ය ව්‍යවසායයන්හි වත්කම් නීතිය, කෘෂිකර්ම නීතිය, ජාතික ආරක්ෂක බලමුලු ගැන්වීමේ නීතිය ඇතුළු නීති කෙටුම්පත් ද එහිදී අධීක්ෂණය කරමින් සාකච්ඡාවට ලක් කෙරිණ.
තවද එම රැස්වීමේ දී, 2025 වසරේ පරිසර තත්ත්වය පිළිබඳ වාර්තාවට සවන් දී, රජය සතු වත්කම් කළමනාකරණයේ අඩුපාඩු කෙරෙහි 2024 වසරේ සිදු කළ සකස් කිරීම් වාර්තාවට ද සවන් දී ඇත.

