චීන-කාම්බෝජ “2+2” උපායමාර්ගික සංවාදයේ පළමු රැස්වීමේදී කරුණු හයකට එකඟතාව පළවෙයි.
චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා චීන සහ කාම්බෝජ විදේශ අමාත්‍යවරුන් සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර පැවති පළමු රැස්වීමේදී ඇති කරගත් එකඟතා කරුණු හය පැහැදිලි කළේය.
දෙපාර්ශ්වයම එකිනෙකාට ස්ථිරව සහයෝගය දැක්වීමට එකඟ වී ඇති අතර, මූලික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේදී එකිනෙකාට සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු කෙරේ.ඒ අතරම කාම්බෝජය එකම චීන මූලධර්මයට ස්ථිරව අනුගත වීම නැවත තහවුරු කිරීම චීනය අගය කරන බව එම කරුණු අතර පළමු කරුණ ලෙසට දැක්වේ.
ස්වාධීන සංවර්ධනය සඳහා කාම්බෝජයට සහාය වෙමින් “කාර්මික සංවර්ධන කොරිඩෝව” සහ “මත්ස්‍ය සහ සහල් කොරිඩෝව” ඉදිකිරීම සහ උපායමාර්ගික ෆුනාන් ටෙකෝ ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට දෙපාර්ශ්වය එකඟවී ඇත්තේ දෙවන කරුණ ලෙසටය.
තුන්වෙනුව දේශපාලන හා ආරක්ෂක සහයෝගතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟවී සිටිති. බාහිර ආක්‍රමණයන්ට ඒකාබද්ධව ප්‍රතිරෝධය දැක්වීම සහ “වර්ණ විප්ලව” වැළැක්වීමට ද එකඟතාව පළ විය.
සිව්වෙනි කරුණ, මාර්ගගත සූදු සහ විදුලි සංදේශ වංචාවන්ට එරෙහිව දැඩිව සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම බව චීන විදේශ අමාත්‍යවරයා පැවසීය.
කාම්බෝජයේ ආරක්ෂක ධාරිතාව ගොඩනැගීම වේගවත් කිරීම සඳහා සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින්, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පස්වෙනි කරුණ ලෙසට දෙපාර්ශ්වය එකඟවී සිටිති.
ජාත්‍යන්තර සහ කලාපීය කටයුතුවලදී සම්බන්ධීකරණ සහ සහයෝගීතා ශක්තිමත් කරමින් බල දේශපාලනයට සහ හිරිහැර කිරීම්වලට විරුද්ධ වෙමින් ගෝලීය නිදහස් වෙළඳාම තහවුරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එහි නිසි කාර්යභාරය ඉටු කිරීම සඳහා සහාය වීමටද දෙපාර්ශ්වය එම සංවාදයේදී එකඟවී ඇත.

