29.5 C
Colombo
Friday, June 5, 2026

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණ ගනී. බ්‍රිතාන්‍යයේ සන්නාම තක්සේරු ආයතනයක් වන  “Brand Finance” ඊයේ (23) “2026 වසරේ ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම සියය”වාර්තාව නිකුත් කර තිබේ. චීන මෝටර් රථ සන්නාම 24ක් ඊට ඇතුළත් කර ඇති අතර එය ලැයිස්තුවේ තනි රටක් සතු වැඩිම සන්නාම සංඛ්‍යාව බවට පත්ව ඇත.

BYD, Geely සහ SAIC වැනි චීන මෝටර් රථ ව්‍යවසායන් පූර්ණ කර්මාන්ත ජාල සහයෝගීතාව, තාක්ෂණික දියුණුව, ගෝලීයකරණ උපාය මාර්ග මගින් ආසියා හා යු‍රෝපා වෙළඳපොලවල මෝටර් රථ අලෙවිය අඛණ්ඩව පුළුල් කරමින් සිය ජාත්‍යන්තර බලපෑම් වඩාත් ඉහළ නංවාගෙන ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. තාක්ෂණය, නවෝත්පාදනය, තිරසරභාවය, ගුණාත්මකභාවය හා මිළ ගණන් වැනි පාරිභෝගිකයන්ගේ තේරීමට සෘජුව සම්බන්ධ සාධක රැසක් සලකා බැලීමේදී චීන මෝටර් රථ සන්නාම බොහෝ යුරෝපා මෝටර් රථ සන්නාම අභිබවා ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. 2025 වසරේ චීන නව බලශක්ති මෝටර් රථවල නිෂ්පාදනය, අලෙවිය, අපනයනය, ගෝලීය වෙළඳපොලේ හිමි අනුපාතය මෙන්ම සන්නාම සංඛ්‍යාව අතින්ද ලොව ඉදිරියෙන්ම සිටින බව “2026 වසරේ ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම සියය”වාර්තාව පවසයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here