29.5 C
Colombo
Friday, June 5, 2026

සියලු පාර්ශ්ව සමග එක්ව පොදු සංවර්ධනය ඉදිරියට ගෙන යාම චීනයේ අපේක්ෂාවයි– චීන උප ජනාධිපති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සියලු පාර්ශ්ව සමග එක්ව පොදු සංවර්ධනය ඉදිරියට ගෙන යාම චීනයේ අපේක්ෂාව බව චීන උප ජනාධිපති Han Zheng  මහතා පවසයි.  ඔහු මේ බව සඳහන් කළේ බෙයිජිංහි පැවති  ‘පොදු සංවර්ධනය සඳහා වන ගෝලීය ක්‍රියාමාර්ගය පිළිබඳ ජාත්‍යන්තර සංසදයේ තෙවන ඉහළ මට්ටමේ සමුළුව’ සඳහා සහභාගී වූ විදේශීය නියෝජිතයන් හමුවෙමිනි.

ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කර පස් වසරක් ගත වන බවත් එම මුලපිරුමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සක්‍රිය ප්‍රතිචාර සහ පුළුල් සහයෝගයක් ලැබී ඇති බවත් ඔහු කියාසිටියේය. එමෙන්ම මේ වනවිට එම ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම සමුළුව ඵලදායී අවස්ථාවක් කරගෙන සියලු පාර්ශ්ව සමග පුළුල් එකඟතාවයක් ඇති කර ගනිමින් ක්‍රියාකාරීව ගෝලීය සංවර්ධන සහයෝගිතාව සඳහා ආයෝජන වැඩි කිරීමට චීනය බලාපොරාත්තු වේ.  එමෙන්ම ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගිතාව ඉදිරියට ගෙන යාමටත්, හරිත හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත්, එමගින් ජනතාවට සංවර්ධන ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථා සලසමින් ගෝලීය ප්‍රජාව සමග එක්ව කටයුතු කිරීමටත් චීනය අපේක්ෂා කරන බව Han Zheng මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here