2026 චීන අභ්‍යවකාශ දිනය සැමරීම සඳහා චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය මාධ්‍ය හමුවක් පවත්වයි. අද(17) පැවති එම මාධ්‍ය හමුවේදී එම පරිපාලනයේ නිලධාරීහූ 2025 වසරේ රටේ ප්‍රධාන අභ්‍යවකාශ ජයග්‍රහණ සමාලෝචනය කළ අතර 2026 ප්‍රධාන මෙහෙයුම් පිළිබඳවද තොරතුරු නිකුත් කළහ.
2025 වසරේදී, සමස්ත අභ්‍යවකාශ දියත් කිරීමේ මෙහෙයුම් 92 ක් සිදු කෙරුණු අතර, එය 2024 ට සාපේක්ෂව 35% ක වැඩිවීමකි. 2026යේ චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් අඛණ්ඩ වර්ධන ප්‍රවණතාවක පවතිනු ඇත.
ඉලක්කගත ග්‍රහයාගේ නිරීක්ෂණය සඳහා Tianwen-2 ග්‍රහක ගවේෂක යන්ත්‍රය එම ග්‍රහයා වෙත ළඟා වීම, මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහන යටතේ Shenzhou-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, නැවත භාවිත කළ හැකි රොකට් වර්ග කිහිපයක පියාසර සත්‍යාපනය කිරීම ඒ අතරින් ප්‍රධානය.

