32 C
Colombo
Tuesday, April 14, 2026

චීන-පාකිස්ථාන විදේශ ඇමතිවරුන් අතර දුරකථන සංවාදයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා පාකිස්ථාන උප අගමැති, විදේශ ඇමති Muhammad Ishaq Dar මහතා සමඟ ඊයේ(13) දුරකථන සංවාදයක් පැවැත්වීය.

ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡාව සඳහා පාකිස්ථාන පාර්ශ්වයේ මැදිහත්වීම පිළිබඳව Dar මහතා එහිදී විස්තර කළේය. සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දරන උත්සාහය ඔහු අගය කළේය. කලාපීය සාමය සාක්ෂාත් කර ගැනීමට ඒකාබද්ධව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා චීනය සමඟ සමීප සන්නිවේදනයක් සහ සහයෝගීතාවයක් පවත්වා ගැනීමට පාකිස්ථානය කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.

ඇමරිකාව සහ ඉරානය අතර තාවකාලික සටන් විරාමයට පහසුකම් සැලසීමේදී පාකිස්ථානය සාධාරණ හා සමබර මැදිහත්වීමකින් ක්‍රියා කිරීම පිළිබඳව වං යී මහතා එහිදී ප්‍රශංසා කළේය. සාමය සඳහා පාකිස්ථානය වඩාත් විශාල කාර්යභාරයක් ඉටු කිරීම චීනය සාදරයෙන් පිළිගනී. මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් සාක්ෂාත් කරගැනීමට ධනාත්මක දායකත්වයක් ලබාදීම සඳහා පාකිස්ථානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here