චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතාගේ ආරාධනාවකට අනුව, රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා හෙට (14) සහ අනිද්දා (15) චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
චීන විදේශ අමාත්‍යාංශය අද (13) මේ බව ප්‍රකාශ කළේය.

