33.9 C
Colombo
Friday, April 10, 2026

ඉරානය සමඟ සාම ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තමා ශුභවාදී බව ට්‍රම්ප් කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉරානය සමඟ සාම ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තමා ඉතා ශුභවාදී බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ලෙබනනයේ හමුදා මෙහෙයුම් අවම මට්ටමක තබා ගන්නා ලෙස ඊශ්‍රායලයෙන් තමා ඉල්ලා ඇති බව ද ඊයේ(9) ඇමරිකානු ජාතික ගුවන් විදුලි සංස්ථාව සමග සිදු කළ දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.

එමෙන්ම ජනපති ට්‍රම්ප් එහිදී තර්ජනාත්මකව සඳහන් කර ඇත්තේ, ඉරානයට එකඟ වීමට සිදුව ඇති සියලු කරුණු සඳහා එරටේ නායකයන් එකඟ වෙමින් සිටින බවත්, යම්හෙයකින් ඔවුන් ගිවිසුමට නොපැමිණියහොත් එය ඉතා වේදනාකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවත්ය.

එමෙන්ම ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu සමඟ 08 වැනිදා දුරකථන සංවාදයකට එක්වෙමින්‍ ලෙබනනයේ හමුදා මෙහෙයුම් අවම කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි බව ද ට්‍රම්ප් තහවුරු කළේය.

මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡාව, ප්‍රාදේශීය වේලාවෙන් එළඹෙන 11 වනදා පෙරවරුවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වෙන බව‍ ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karoline Leavitt මහත්මිය පසුගියදා (08) ප්‍රකාශ කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here