32.8 C
Colombo
Friday, April 10, 2026

ඇමරිකාව හා ඉරානය සටන් විරාමයකට පැමිණීම චීනය පිළිගනී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව හා ඉරානය සටන් විරාමයකට පැමිණීම පිළිගන්නා බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ සඳහන් කරමින් මේ බව පැවසුවා ය. සටන් විරාමය වෙනුවෙන් පාකිස්ථානය ඇතුළු රටවල් දැරූ උත්සාහයන්ට චීනය සහාය දෙන බව ද ඇය එහිදී කියා සිටි‍යා ය.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු මේ දක්වා එම යුද්ධය නිමාවට පත් කරමින් සාමය උදා කිරීම වෙනුවෙන් චීනය අඛණ්ඩ ප්‍රයත්න දරමින් සිටී. චීන විදේශ ඇමති වං යී මහතා අදාළ රටවල විදේශ ඇමතිවරුන් සමග 26 වතාවක් දුරකථන සංවාදයන්හි නිරත විය. චීන රජයේ මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතවරයා ගල්ෆ් කලාපයේ බොහෝ වර සංචාරය කර තිබේ. එසේ ම චීනය පාකිස්ථානය සමග එක්ව ග‍‍ල්ෆ් කලාපයේ හා මැදපෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය පුනරුත්ථාපනය කිරීමේ යෝජනාවලිය ඉදිරිපත් කර ඇත. ඉදිරියේදී ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග කලාපයේ සාමය වෙනුවෙන් චීනය අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළා ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here