33.9 C
Colombo
Friday, April 10, 2026

චීන මහගොඩබිමේ සංචාරය අරඹමින් චීන Kuomintang පක්ෂ සභාපතිනිය ශැංහයි නගරයට ළඟා වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන Kuomintang පක්ෂ සභාපතිනිය Zheng Liwen මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස අද(07)  ශැංහයි නගරයට ළඟා විය.  ඒ චීන මහා ගොඩබිමේ සංචාරය අරඹමිනි. අප්‍රේල් මස 12 වනදා දක්වා  Zheng Liwen මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙම සංචාරයට එක්වීමට නියමිතය.

එම නියෝජිත පිරිස ජියං සු පළාතේ මෙන්ම ශැංහයි සහ ‍බෙයිජිං යන නගරවල ද සංචාරය කිරීමට අපේක්ෂා කෙරේ. වසර දහයකට පසු Kuomintang පක්ෂ  සභාපතිවරයෙකු මෙවැනි සංචාරයක් සඳහා එක් වීම විශේෂත්වයකි.  මෙය Kuomintang පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර සබඳතා සහ සාකච්ඡාවල වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශකයෙකුට අනුව, පක්ෂ දෙක අතර හුවමාරු සහ සංවාද ශක්තිමත් කිරීම, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සමුද්‍ර සන්ධිය හරහා සබඳතා සාමකාමී සංවර්ධන ප්‍රවේශයක් වෙත ගෙන යාමට මෙම සංචාරයෙන් අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here