32.8 C
Colombo
Saturday, April 11, 2026

මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම් සමනය කිරීමට ජාත්‍යන්තර සංවිධාන තුනක් සම්බන්ධීකරණ කණ්ඩායමක් පිහිටුවයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ප්‍රධානීහූ ඊයේ(4) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, බලශක්තිය හා ආර්ථිකය කෙරෙහි මැදපෙරදිග ගැටුම ඇති කරන බලපෑම් සමනය කිරීම සඳහා සිය ආයතනික කාර්යභාරය උපරිමයෙන් ඉටු  කිරීම සඳහා සම්බන්ධීකරණ කණ්ඩායමක් පිහිටුවීමට එකඟ වූහ.

වත්මන් මැදපෙරදිග ගැටුම කලාපයේ ජනතාවගේ ජීවිතයට හා ජීවනෝපායන්ට දැඩි ලෙස බලපා ඇති අතර ගෝලීය බලශක්ති වෙළඳපොලේ දැඩි සැපයුම් හිඟයක් ද මතු කර තිබෙන බව එම ප්‍රකාශය පෙන්වා දෙයි. බලශක්ති ආනයනකරුවන්, විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවලට වැඩි බලපෑමක් එල්ලවී තිබේ. මෙම අර්බුදයට මුහුණ දීම සඳහා ආයතන තුන එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

මීට පෙර, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සිය සාමාජික රටවල් 32 සමඟ සම්බන්ධීකරණයෙන් උපායමාර්ගික ඛනිජ තෙල් සංචිත බැරල් මිලියන 400 ක් නිකුත් කිරීමට සහ තෙල් සංචිත තවදුරටත් නිකුත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඒකමතිකව එකඟ විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here