32.8 C
Colombo
Saturday, April 11, 2026

නව මාදිලියේ විදුලි උත්පාදන ජාල සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

නව මාදිලියේ විදුලි උත්පාදන ජාල සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා අවධාරණය කරයි. ඉකුත් මාර්තු 30වැනි දා සිට ඊයේ (1) දක්වා හෙතෙම නිරිතදිග චීනයේ Sichuan පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ලි ච්‍යං අග්‍රාමාත්‍යවරයා එම පළාතේ Chengdu සහ Deyang නගර දෙකට ගොස් එහි නව බලශක්ති ගවේෂණය හා නව බලශක්ති උපකරණ නිෂ්පාදන ව්‍යවසායන් නිරීක්ෂණය කළේ ය.

හරිත සංවර්ධනය හා චීනය බලශක්තියෙන් සවිමත් රටක් ව‍ශයෙන් ගොඩ නැංවීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්ප ක්‍රියාවට නංවමින්, නව මාදිලියේ විදුලි උත්පාදන ජාලය සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.Sichuan පළාත චීනයේ ප්‍රධාන පවිත්‍ර බලශක්ති උත්පාදන කඳවුරකි. එම පළාත ජලය, සුළං , සූර්යයා, හයිඩ්‍රජන් හා ස්වාභාවික ගෑස් ඇතුළු බලශක්ති ප්‍රභවයන්හි අනුපූරකතාව වර්ධනය කරමින් පවිත්‍ර බලශක්ති සංවර්ධනය හා භාවිතය මෙන් ම නව මාදිලියේ විදුලි උත්පාදන ජාලය සංවර්ධනය ද පෙරමුණ ගත යුතු ය. එම ජාලය ආරක්ෂිත, හරිත, අවකාබන්, නම්‍යශීලි හා සුහුරු විය යුතු බව ද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here