32.8 C
Colombo
Saturday, April 11, 2026

ලෝක වෙළඳ සංවිධානයේ 14 වන අමාත්‍ය සමුළුවෙන් සාර්ථක ප්‍රතිඵල

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලෝක වෙළඳ සංවිධානයේ 14 වන අමාත්‍ය සමුළුව ඊයේ (30) කැමරූන්හි යවුන්ඩේ අගනුවරදී අවසන් විය. දින හතරක් පුරා පැවති මෙම සමුළුවේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

“සංවර්ධනය සඳහා ආයෝජන පහසුකරණය ප්‍රවර්ධනය පිළිබඳ ගිවිසුම” යන මැයෙන් ඒකාබද්ධ අමාත්‍ය ප්‍රකාශයක් ද එහිදී නිකුත් කෙරිණ. ඉන් සංක්තවත් වනුයේ, ලොව ප්‍රථම බහුපාර්ශ්වික ආයෝජන ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කිරීමයි.

“ඊ-වාණිජ්‍ය ගිවිසුම” සඳහා වන තාවකාලික ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ද එහිදී එකඟතාවකට එළඹුණු අතර ගෝලීය ඩිජිටල් වෙළඳාමේ දියුණුව ඉන් මනාව ප්‍රවර්ධනය කරනු ඇත.

එසේම මෙම සමුළුවේදී ධීවර සහනාධාර ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය තීරණවලට එළඹුණු අතර, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ගැටලු පිළිබඳ වැදගත් එකඟතාවක් ඇති කර ගැනීමට ද එහිදී හැකිව තිබේ.

ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවල් 166 නියෝජනය කරමින් 120කට වැඩි පිරිසක් සහ අමාත්‍යවරුන් 80කට වැඩි දෙනෙකු මේ අවස්ථාවට එක් විය. මේ අතර මෙම සමුළුව සඳහා සත්කාරකත්වය දැරූ කැමරූන් රාජ්‍යය මෙන්ම ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය සහ අදාළ සාමාජිකයින්, චීනයේ ධනාත්මක සහ ඵලදායී කාර්යභාරය බෙහෙවින් අගය කිරීමට මෙහිදී පියවර ගැනීම ද කැපී පෙනුණි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here