32.8 C
Colombo
Saturday, April 11, 2026

ඇමරිකාව සහ එහි හවුල්කරුවන් ගැටුම් සහ යුද්ධ ඇති කිරීමෙන් වැළකී සිටිය යුතු බව චීනය අවධාරණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව ප්‍රමුඛ නිෂ්පාදන සමූහයක් පිලිපීනයේ නව පතොරම් නිෂ්පාදනයන් ආරම්භ කිරීමට උත්සාහ කරන බව, ඇමරිකාවේ පෙන්ටගනය මෑතකදී ප්‍රකාශ කළේය. මිත්‍ර පාර්ශ්වයන්ට හමුදා උපකරණ නිෂ්පාදනය සහ නඩත්තු කිරීම‍ වෙනුවෙන් සහායවීම එහි  අරමුණ බව ද පැවසේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ මාධ්‍ය වේදියෙකුගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීය. රටවල් අතර හමුදා සහ ආරක්ෂක සහයෝගීතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක කර නොගත යුතු බව ඔහු පෙන්වා දී තිබේ.

ඇමරිකාව සහ එහි මිත්‍ර පාර්ශ්වයන් ආසියා-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට හිතකර සේ කටයුතු කරමින් කලාපයට කණ්ඩායම් ගැටුම් සහ යුද්ධ හඳුන්වා දීමෙන් වැළකී සිටිය යුතුය. එමෙන් ම අදාළ රටවල් පතොරම් ගබඩාවක් වීමට කැමැත්තක් ඇත්නම්, අවසානයේ ඔවුන් විනාශයට පත් වීමට පමණක් මුහුණ දෙනු ඇති බව ද හෙතෙම කීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here