32.8 C
Colombo
Saturday, April 11, 2026

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව බලශක්ති ආරක්ෂක ගැටලුව විසඳීමට චීනය කැමැත්ත පළ කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව බලශක්ති ආරක්ෂක ගැටලුවට මුහුණ දීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙසේ ප්‍රකාශ කළේ අද(25) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය.

ඇමරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ බලශක්ති මිල උච්චාවචනයන්, විශේෂයෙන් අග්නිදිග ආසියානු රටවලට එල්ල වූ බලපෑම් පිළිබඳව වාර්තාකරුවෙක් එහිදී විමසීය.

මැද පෙරදිග වත්මන් තත්ත්වය ගෝලීය බලශක්ති ආරක්ෂාව, සැපයුම් දාම සහ ජාත්‍යන්තර වෙළඳ පිළිවෙලට දැඩි ලෙස බලපා ඇතැයි ලින් ජියන් මහතා සඳහන් කළේය. කලාපීය අස්ථාවරත්වය ගෝලීය ආර්ථික සංවර්ධනයට තවදුරටත් බලපෑම් එල්ලවීම වැළැක්වීම සඳහා අදාළ රටවල් කඩිනමින් හමුදා මෙහෙයුම් නතර කළ යුතුය. චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් බලශක්ති ආරක්ෂක ගැටලුවට පොදුවේ මුහුණ දීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here