32.8 C
Colombo
Saturday, April 11, 2026

Xiong’an නව කලාපයේ සංවර්ධනයට චීන ජනපතිගෙන් උපදෙස්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (23) හබෙයි පළාතේ Xiong’an නව කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීමත් සමඟ ෂී ජින් පිං මහතා‍ එක් වන පළමු දේශීය නිරීක්ෂණ චාරිකාව මෙය වන අතර, Xiong’an නව කලාපයේ ඔහු සිදු කරන සිව්වන සංචාරය මෙයයි.

ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘතියක් වන Xiong’an නව කලාපයේ සංවර්ධනය සඳහා ජනාධිපතිවරයාගේ ඉහළ අවධානය මෙයින් පෙන්නුම් කෙරේ.

බෙයිජිං අගනුවර සිට Xiong’an නව කලාපය වෙත ගෙන ගොස් එහි ස්ථාපිත කළ ව්‍යවසායන් සහ පාසල් නිරීක්ෂණය කළ ෂී ජින් පිං මහතා, බෙයිජිං අගනුවරට අත්‍යාවශ්‍ය නොවන කාර්යයන් නව කලාපයේදී සාර්ථකව ක්‍රියාත්මක කිරීම, කාර්මික නවෝත්පාදනය, සංවර්ධනය, අධ්‍යාපනය හා ජනතාවගේ ජීවනෝපාය වැනි ජනතාවගේ මූලික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළේය. හෙතෙම Xiong’an හි නැවත ස්ථානගත කරනු ලබන විවිධ අංශයන්හි සංවර්ධනය හා ජාතික උපායමාර්ගික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා සේවය කිරීමට දිරිමත් කළේය.

බෙයිජිං අගනුවරට අත්‍යාවශ්‍ය නොවන කාර්යයන් නැවත ස්ථානගත කිරීමේ වැදගත් ස්ථානයක් ලෙස Xiong’an නව කලාපයේ මූලික කාර්යභාරයන් තහවුරු කරමින්, උසස් ප්‍රමිතියෙන් යුත් ගොඩනැගීම සහ ඉහළ කාර්යක්ෂමතා පාලනය සම්බන්ධීකරණය කර ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා Xiong’an නව කලාපයේ උසස් තත්ත්වයේ ඉදිකිරීම් සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා‍වකදී පැවසීය.

එසේම ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනයන් තුළින් සංවර්ධනය මෙහෙයවා, තාක්ෂණික නවෝත්පාදනයන් සහ කාර්මික වැඩිදියුණු කිරීම් ප්‍රවර්ධනය කිරීමෙන් නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමට උත්සාහ කළ යුතු බව ද  ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙවර සංචාරය Xiong’an හි සංවර්ධනය සඳහා පැහැදිලි දිශානතියක් පෙන්වා දී තිබෙන අතර නව යුගයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා ආදර්ශ නගරයක් ගොඩනැගීමට ද ඉන් වැදගත් මග පෙන්වීමක් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here