මැද පෙරදිග කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Zhai Jun මහතා, අද (23) පස්වරුවේ බෙයිජිංහිදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මැද පෙරදිග මෑත කාලීන තත්ත්වය පිළිබඳව එහිදී දැනුවත් කළේය.
මෑතකදී, Zhai Jun මහතා මැද පෙරදිග රටවල් කිහිපයක නිල සංචාර මාලාවක් සිදු කළේය. කලාපීය තත්ත්වය පිළිබඳව මැද පෙරදිග දේශපාලන නායකයන් සමඟ ගැඹුරු සන්නිවේදනයක නිරත වූ ඔහු, ගැටුම් සමනය කිරීමට සහ සාමය ප්‍රවර්ධනය කිරීමට චීනයේ දායකත්වය ලබා දුන්නේ ය.
තවදුරටත් ආතතීන් උත්සන්න වීම සහ තත්ත්වය පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමට,අදාළ පාර්ශ්වයන් වහාම හමුදා මෙහෙයුම් නතර කළ යුතු බව Zhai Jun මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එමෙන් ම, වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස, චීනය අදාළ පාර්ශ්වයන් සමඟ සමීප සන්නිවේදනයන් පවත්වා ගෙන යමින් ආතතීන් ලිහිල් කිරීමට සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට නොනවතින උත්සාහයන් දරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

