30 C
Colombo
Saturday, April 11, 2026

ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයට සහාය දක්වන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ජපානයට ඉල්ලීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයට සහාය දක්වන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයෙන් ඉල්ලයි.

ඊයේ (19) ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අගමැතිනී සානේ ටකයිචි ධවල මන්දිරයේදී හමුවූහ. හමුව ආරම්භයේදී ට්‍රම්ප් පැවසුවේ වෙළඳාම, බලශක්තිය සහ ඉරානයට එරෙහි ඇමරිකාවේ හමුදා ක්‍රියාමාර්ගය සඳහා ජපානයේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයට ජපානය දක්වන සහයෝගය පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් එම හමු‍වීමේ මාධ්‍ය හමුවේදී සතුට පළ කර ඇත. හෙතෙම යුරෝපයේ ස්ථාවරයන් සමඟ සංසන්දනය කරමින්, නේටෝ සංවිධානය මෙන් නොව ජපානය සැබවින්ම ඇමරිකාවට සහාය වීමට නැගී සිටින බව පැවසීය.

ඉරානයට පහර දීමට පෙර ජපානයට හෝ සෙසු මිත්‍රයන්ට දැනුම් නොදුන්නේ මන්දැයි ඇසූ විට, ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයේ පර්ල් වරායට එල්ල වූ ජපන් ප්‍රහාරයට සමාන කරමින් පැවසුවේ කිසිවෙකු ජපානයට වඩා රහසිගත ප්‍රහාර තේරුම් නොගත් බවය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here