එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ ජෝර්දානය වෙත ඩොලර් බිලියන 16.5 ක අවි අලෙවි කිරීම අනුමත කර ඇති බවත්, එමඟින් මෙම මැද පෙරදිග රටවල් තුනට රේඩාර් සහ ඩ්‍රෝන නාශක පද්ධති වැනි හමුදා උපකරණ සපයන බවත් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(19) නිවේදනය කළේ ය.
මෙම අවි අලෙවිය “හදිසි අවස්ථාවක්” බැවින් කොංග්‍රස් සමාලෝචන අවශ්‍යතා මග හැර සිදු කළ බව ද ප්‍රකාශ කෙරිණ.
පසුගිය 18 වැනිදා ඉරාන ස්වාභාවික ගෑස් නිධිවලට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඉරානය විසින් සෞදි අරාබිය, කටාර් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්හි ඇමරිකාවට සම්බන්ධ තෙල් පහසුකම්වලට පහර දෙන ලදී. ගැටුම් තත්ත්වයන් උත්සන්න වීම පිළිබඳව ලෝකයේ කනස්සල්ල ඉහළ ගොස් තිබේ.

