30 C
Colombo
Saturday, April 11, 2026

සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් චීන-වියට්නාම ඉහළ පෙළේ රැස්වීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන-වියට්නාම ද්විපාර්ශ්වික සහයෝගීතා මෙහෙයුම් කමිටුවේ 17 වන රැස්වීම ඊයේ (17) හැනෝයිහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික හා විදේශ අමාත්‍ය වැන්ග් යී සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Bui Thanh Son යන මහත්වරුන් ඇතුළු දෙරට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඊට එක් විය.

මෙහිදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වයකට මුහුණදී සිටින චීනයත් වියට්නාමයත්, සමාජවාදී නවෝත්පාදනයේ මාවත ඉදිරියට ගෙන යාම සඳහා අත්වැල් බැඳ ගත යුතු බවයි. එමෙන්ම දෙපාර්ශ්වය සහ ලොව සෙසු රටවල් අතර සබඳතා සඳහා නව අපේක්ෂාවන් අඛණ්ඩව නිර්මාණය කළ යුතු බවත්, ගෝලීය දකුණේත්, කලාපයේ සහ ජාත්‍යන්තරයේත් සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය සඳහා නව දායකත්වයක් ලබා දිය යුතු බවත් හෙතෙම පැවසීය.

එහිදී කෘෂිකර්මාන්තය, විදුලිය, මූල්‍ය, ප්‍රධාන ඛනිජ සහ තාක්ෂණික නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම හා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ඒකාබද්ධව ආරක්ෂා කිරීම ඇතුළු ප්‍රායෝගික ක්‍රියාවලීන් වඩාත් පුඵල් කිරීමට පියවර ගත යුතු බව ද වැන්ග් යී මහතා පෙන්වා දුන්නේය. තවද සමුද්‍රීය සහයෝගීතාව ප්‍රවර්ධනය සහ දකුණු චීන මුහුදු කලාප‍ය ආශ්‍රිත චර්යාධර්ම සංග්‍රහයේ උපදේශන ඉක්මනින් අවසන් කිරීම යනාදියෙහි ගම්‍යතාව පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් Bui Thanh Son මහතා සඳහන් කළේ, වියට්නාමය සැමවිටම එරට විදේශ ප්‍රතිපත්තියේ ඉහළම ප්‍රමුඛතාවයක් සහ උපායමාර්ගික තේරීමක් ලෙස චීනය සලකන බවත්, “එකම චීනය” ප්‍රතිපත්තිය වෙත තදින් අනුගතව, තායිවාන ස්වාධීනත්වය අරමුණු කෙරෙන ඕනෑම ආකාරයක බෙදුම්වාදී ක්‍රියාකාරකමක් සඳහා විරෝධය දක්වන බවත්ය.

මේ අතර, වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුඵ නිලධාරීන් සමඟ පැවති මෙම රැස්වීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා චීන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද එක් විය. එහිදී හෙතෙම දන්වා සිටියේ, උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීම, ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කිරීම, පාලන හැකියාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ රට සංවර්ධනය කිරීමේ මාර්ග ඒකාබද්ධව ගවේෂණය කිරීම යනාදිය කෙරෙහි දෙපාර්ශ්වයම එහිදී එකඟත්වය පළ කළ බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here