30 C
Colombo
Saturday, April 11, 2026

තාක්ෂණික හා කාර්මික නවෝත්පාදනයන්හි ඒකාබද්ධ සංවර්ධනය පිළිබඳ Zhongguancun සංසදයට සියල්ල සූදානම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2026 වසරේ Zhongguancun සංසදයේ වාර්ෂික සමුළුව තාක්ෂණික නවෝත්පාදනය සහ කාර්මික නවෝත්පාදනය ඒකාබද්ධව සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

මෙවර එම වාර්ෂික සමුළුව එළඹෙන 25 වැනිදා සිට 29 වැනිදා දක්වා බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිතය. අද (18) පෙරවරුවේ පැවති චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාල මාධ්‍ය හමුවකදී මේ බව හෙළි විය.

“තාක්ෂණික සහ කාර්මික නවෝත්පාදනයන් පුළුල්ව ඒකාබද්ධ කිරීම”යන මැයෙන් එම සමුළුව අතරතුර, සංසද රැස්වීම්, ප්‍රතිඵල නිකුත් කිරීමේ උත්සව, තාක්ෂණික ගනුදෙනු, අති නවීන ක්‍රමවේදයන්ගෙන් යුත් තරඟ සහ සහායක ක්‍රියාකාරකම් ඇතුළු ප්‍රධාන අංශ පහක් යටතේ ක්‍රියාකාරකම් 100කට වැඩි ප්‍රමාණයක් එහිදී පැවැත්වීමට නියමිතව ඇත.

රටවල් හා කලාප 100කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන නියෝජිතයන් දහස් ගණනක් එම සමුළුවට සහභාගි වීම විශේෂත්වයකි.

මෙම සමුළුව අතරතුර, සමාන්තර සංසද 60ක් පැවැත්වීමට නියමිතය. ඉන් 21ක්, ලෝක ප්‍රමුඛ මට්ටමේ විද්‍යාත්මක සඟරා සංවර්ධනය කිරීම සහ විද්‍යා හා තාක්ෂණ සේවා කර්මාන්තයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ඇතුළු අංශ පිළිබඳ අවධානය යොමු කරමින් පළමු වරට පැවැත්වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here