30 C
Colombo
Saturday, April 11, 2026

චීන-වියට්නාම “3+3” උපායමාර්ගික සංවාදයේ අමාත්‍ය රැස්වීම පැවැත්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

රාජ්‍යතාන්ත්‍රිකභාවය, ජාතික සහ මහජන ආරක්ෂාව පිළිබඳ චීන-වියට්නාම “3+3” උපායමාර්ගික රැස්වීම ඊයේ(16) වියට්නාමයේ හැනෝයි නුවරදී පැවැත්විණ.

චීන විදේශ අමාත්‍ය Wang Yi, මහජන ආරක්ෂක අමාත්‍ය Wang Xiaohong සහ ජාතික ආරක්ෂක අමාත්‍ය Dong Jun යන මහත්වරු වියට්නාම විදේශ අමාත්‍ය

Le Hoai Trung, ආරක්ෂක අමාත්‍ය  Phan Van Giang සහ මහජන ආරක්ෂක අමාත්‍ය Luong Tam Quang යන මහත්වරු සමග මූලික රැස්වීමේ සම සභාපතිත්වය දැරූහ.

ජාත්‍යන්තර භූ දර්ශනයේ වර්ධනයන් සහ වෙනස්කම්, දේශපාලන ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙන්ම ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාම පිළිබඳව දෙපාර්ශ්වය ගැඹුරින් සාකච්ඡා පැවැත්වූ අතර පුළුල් එකඟතාවයකට පැමිණියහ.

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් To Lam සහ වියට්නාම අගමැති Pham Minh Chinh යන මහත්වරු ද ඊයේ(16) චීන ජ්‍යෙෂ්ඨ නිලදාරීන් හමුවූහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here