30 C
Colombo
Saturday, April 11, 2026

චීනය නව දුරස්ථ සංවේදී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය ඊයේ (15) නව දුරස්ථ සංවේදී චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.  ඒ Shanxi පළාතේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.

Yaogan-50 02 නම් මෙම චන්ද්‍රිකාව බෙයිජිං වේලාවෙන් ඊයේ රාත්‍රියේ 21:22ට නවීකරණය කළ Long March-6 වාහක රොකට්ටුව ආධාරයෙන් අභ්‍යවකාශගත කර ඇති අතර එය සැලසුම් කළ පරිදි නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබේ.

රටේ ඉඩම් සමීක්ෂණය, බෝග අස්වැන්න ඇස්තමේන්තු කිරීම සහ ආපදා වැළැක්වීම සඳහා මෙම චන්ද්‍රිකාව භාවිත කෙරේ. මෙය Long March වාහක රොකට්ටු මාලාවේ 633 වන දියත් කිරීමයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here