29.5 C
Colombo
Saturday, April 11, 2026

ලෙබනන-ඊශ්‍රායල ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලෙබනන-ඊශ්‍රායල ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරන්නැයි චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.  එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව කියාසිටියේ ලෙබනන-ඊශ්‍රායල ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ(11) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පැවැත්වූ හදිසි රැස්වීමකදීය.

යුද්ධය අඛණ්ඩව පැවතීම සියලු පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම්වලට අනූකූල නොවන බව Fu Cong මහතා එහිදී ප්‍රකාශ කළේය. නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා කලාපීය සාමය හා ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ජගත් ප්‍රජාව සාමූහිකව උත්සාහ දැරිය යුතු බව හෙතෙම පැවසීය.

එමෙන්ම සිවිල් වැසියන්ට සහ රාජ්‍යතාන්ත්‍රික පුද්ගලයන්ට ඉලක්ක කර ගෙන එල්ල වන ඕනෑම ප්‍රහාරයක් චීනය දැඩි ව හෙළා දකින අතර සතුරු මෙහෙයුම් නතර කර ජාත්‍යන්තර නීති, විශේෂයෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීතියේ වගකීම් අනුගමනය කරන ලෙස චීනය ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද Fu Cong මහතා පවසා ඇත.

ඊශ්‍රායලය වහාම සිය යුද හමුදා ලෙබනනයෙන් ඉවත් කළ යුතු බවත් ලෙබනනයේ ස්වාධිපත්‍ය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව සහතික කිරීමට චීනය අනුබල දෙන බවත් හෙතෙම සඳහන් කළේය. ජගත් ප්‍රජාව සමග එක්ව ලෙබනන-ඊශ්‍රායල ගැටුම්කාරී තත්ත්වය සමනය කර ලෙබනනයේ හා මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බවද එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here