එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත මැදපෙරදිග ගැටළු පිළිබඳ චීන විශේෂ නියෝජිත Zhai Jun මහතා එරට නියෝජ්‍ය අගමැති, විදේශ අමාත්‍ය Sheikh Abdullah මහතා ඊයේ(10) හමුවිය.
වත්මන් කලාපීය තත්ත්වය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාවරය පිළිබඳව Sheikh Abdullah මහතා එහිදී දැනුවත් කළේය. චීනයේ යුක්තිය සහගත ස්ථාවරය අගය කරන අතරම චීනයේ වැදගත් කාර්යභාරය ඉමහත් සේ වැදගත් කොට සලකන බව ද හෙතෙම පැවසීය. චීන විශේෂ නියෝජිතයා මැදපෙරදිග ප්‍රදේශයට පැමිණ සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිගන්නා තම රට, චීනය සමග එක්ව කලාපීය තත්ත්වය ලිහිල් කිරීම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේය. එමෙන්ම සිය රටේ සිටින චීන ජාතිකයන් සහ ආයතනවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා උපරිම සහය ලබා දෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ගල්ෆ් කලාපයේ සියලුම රටවල ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවත් සිවිල් වැසියන්ට සහ හමුදා නොවන ඉලක්කයන්ට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් දැඩි ව හෙළා දකින බවත් චීන විශේෂ නියෝජිත Zhai Jun මහතා එහිදී ප්‍රකාශ කළේය. කලාපීය ගැටුම්කාරී හා අවුල් සහගත තත්ත්වයන් සියළු පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම්වලට අනූකූල නොවේ. වහාම සටන් විරාමයක් ඉටු කිරීම වත්මන් දරුණු තත්ත්වය නිම කිරීමේ මූලික මාර්ගයය. චීනය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සංවාද හා සම්බන්ධිකරණය තහවුරු කරමින් ගැටුමට අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරමින් හැකි ඉක්මණින් සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද චීනයේ මැදපෙරදිග ගැටළු පිළිබඳ විශේෂ නියෝජිතයා ප්‍රකාශ කළේය.

