2025 වසරේ චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය වාර්තාව නිකුත් කෙරේ. ඒ අද(9) බෙයිජිංහි පැවති 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ දෙවන පූර්ණ රැස්වීමේදී චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති Zhang Jun මහතා විසිනි.
ගෙවී ගිය 2025 වසරේ චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය නඩු 29,154ක් භාර ගත් අතර නඩු 31,958ක් අවසන් කළේය. ජාතික ආරක්ෂාව ස්ථිර ලෙස ආරක්ෂා කිරීම මෙන්ම රාජ්‍ය බලය කඩාකප්පල් කිරීම, බෙදුම්වාදයට විරුද්ධ වීම, ත්‍රස්තවාදය සහ මිථ්‍යාදෘෂ්ටික ක්‍රියාවන්ට එරෙහි වීම යන කටයුතු චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර ඇත. එමෙන්ම “තායිවාන බෙදුම්වාදීන්ට” එරෙහි දැඩි දඬුවම් පැනවූ බව ද එම කාර්ය වාර්තාවේ සඳහන් විය.
චීනය පුරා ඒකාබද්ධ ජාතික වෙළඳපොළක් ගොඩනැගීමට දායක වෙමින් චීන සුරැකුම්පත් නියාමන කොමිසම සමග එක්ව චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාග්ධන වෙළඳපොළේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා උපදෙස් ලබා දුන් බව එහිදී ප්‍රකාශ කෙරිණ. එමෙන්ම කෘත්‍රිම බුද්ධියේ ප්‍රමිතිගත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයේ විධිමත් සංවර්ධනය සහතික කිරීම සහ හරිත සංවර්ධනයට යොමු වීම පිළිබඳ කටයුතු ද මනාව ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම ජාතික හා ජනතාවගේ අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත කර ඇත. චීන අධිකරණ ස්වාධිපත්‍යය දැඩිව ආරක්ෂා කළ බවද අදාළ කාර්ය වාර්තාවේ සඳහන් විය.
2026 වසරේ ලිහිල් බව සහ දැඩි බව ඒකාබද්ධ කිරීමේ අපරාධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, අන්තර්ජාල පාලනය සඳහා අධිකරණ ප්‍රතිපත්ති පූර්ණ කිරීම මෙන්ම අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණ යන කරුණු චීනයේ ඒ ඒ මට්ටමේ අධිකරණවල ප්‍රධාන කාර්යයන් වනු ඇති බවද චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය වාර්තාවේ සඳහන් ව තිබිණ

