26.7 C
Colombo
Saturday, April 11, 2026

2026 වසර සඳහා චීන රජයේ ප්‍රධාන කාර්යයන් 10 ක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද(05) පෙරවරු 09ට බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. එම සැසිවාරයේ සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් මෙම වසරේ චීන රජයේ ප්‍රධාන කාර්යයන් 10 ක් ඉදිරිපත් කර තිබේ.

මෙම කාර්යයන් දහයට ඇතුළත් වන්නේ, ශක්තිමත් දේශීය වෙළඳපොළක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීම, නව වර්ධන ධාවකයන් පෝෂණය වේගවත් කිරීම, ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණික ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම, ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ගැඹුරු කිරීම, ඉහළ මට්ටමේ විවෘතභාවය තවදුරටත් පුළුල් කිරීම, ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් පුනර්ජීවනය ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම, නවාකාරයේ නාගරීකරණය සහ සම්බන්ධීකරණයෙන් යුතු කලාපීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ජන ජීවිතය තවදුරටත් වැඩිදියුණු කිරීම, සම්පූර්ණ හරිත සමාජය බිහි කිරීම වේගවත් කිරීම, සහ ප්‍රධාන ක්ෂේත්‍රවල අවදානම් අවම කිරීම හා ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීමය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here